සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.
එසේ කළනොහැකි ලෙස අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ මස මස 27 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ඔහු අවධාරණය කර තිබෙනවා.
පසුගිය දා සමගි ජන බලවේගය එහි කැලණිය ආසන සංවිධායක ධූරය පක්ෂයේ වෙනත් ප්‍රබලයකුට ලබා දුන් බව සඳහන් කළ අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් දැනට සමගි ජන බලවේගයේ කැලණිය ආසන සංවිධායක ධුරයේ කටයුතු කරන සරත් ෆොන්සේකා මෙසේ කියා සිටියා.
“අධිකරණයට ගිහිල්ලා තියෙනවා. අධිකරණ කටයුත්තක් වෙමින් පවතිනවා. මම අධිකරණ නියෝගයක් අරගනෙ තියෙනවා. වාරණ නියෝගයක්. මම දරණ සභාපති තනතුර සහ කැලණිය ආසනයේ සංවිධායක ධූරයෙන් ඉවත් කරන්න බෑ කියලා තහනම් නියෝගයක් අරන් තියෙනවා.
ඒ නියෝගය දැනට මේ මස 27 වැනිදා දක්වා තියෙනවා. ඒ නියෝගය තියෙන තාක්කල් ඉවත් කරන්න බෑ. එතනින් එහාටත් මට විශ්වාසයි මගේ අවශ්‍යතාවක් ආවොත් අපට එය දීර්ඝ කරගන්න ලැබෙයි කියලා මට හිතෙනවා.
ඒ නිසා එක එක්කෙනාට ආස වුණ පළියට එක එක්කෙනාට හිතුණ පළියට මාව ඒ තනතුරුවලින් අයින් කරන්න බෑ. එහෙම තීරණයක් කවුරු හරි ප්‍රකාශ කළහොත් අනිවාර්යෙන්ම අධිකරණයට අපහස කිරීමේ වරදට, චෝදනාවට ලක්වෙනවා.
එක එක ප්‍රවෘත්ති, කටකථා මවලා ඒවායෙන් පොඩි පොඩි ආතල් ගන්න උත්සහ කරන පිරිසක් ඉන්නවා. නමුත් යතාර්ථය මම තාම ඒ තනතුරුවල ඉන්නවා.
ප්‍රතිපත්තිමය වශයෙන් මම කළකිරීමක ඉන්නවා. අපි එක්සත් ජාතික පක්‍ෂයෙන් ගැලවිලා ඇවිල්ලා අලුත් පක්‍ෂයක් නිර්මාණය කරන විට මන්ත්‍රීවරු 92 ක් බලාපෙපාරොත්තු වූ රට ඉල්ලන වෙනසක් තියෙනවා. ඒ වෙනස ගැන මම කාලයක් තිස්සේ කථා කළා. අලුත් පක්‍ෂයක් නිර්මාණය කරන විට දැන් ජනතාව ඉල්ලන වෙනස කරා අපිට යන්න පුළුවන් වෙයි කියලා. දූෂණයට විරුද්ධ, දූෂිතයො ගාවගන්නේ නැති අලුත් දේශපාලන සංස්කෘතියක්. පිරිසිඳු මිනිස්සුත් එක්ක යන දේශපාලන ගමනක් යන්න හිතාගෙන තමයි ඒකට අපි එකතු වුණේ.
ඒ පක්‍ෂයේ තනතුරු මම භාරත්තේ එවැනි බලාපොරොත්තුවක් තියාගෙනයි. නමුත් දැන් එතන අලුත් දේශපාලන ගමනකුත් නෑ, දූෂිතයන්ගෙන් තොර ගමනකුත් නෑ. වියත්මගෙයි, පොහොට්ටුවේ හිටපු දූෂිත මිනිස්සුත් එකට දැන් එන එන වෙලාවට භාරගන්නවා. ඒ කළකිරීම මත ඉදගෙන මම අදහස් ප්‍රකාශ කරනවා”