යුද්ධය අවසන් කළේ මහින්ද හැර වෙන ගොනෙක් නෙවෙයි.. සනත් නිශාන්තගේ බිරියගේ ප්‍රකාශයකට හතර වටින් නෙළයි

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය දේශපාලන වේදිකාවේ කළ කතාවක් අතරතුර වැරදීමකින් මහින්ද රාජපක්ෂ මහතා “ගොනෙක්” යනුවෙන් සඳහන් කිරීම සමාජ මාධ්‍යවල දැඩි හාස්‍යට හේතු වී තිබෙනවා.

ඇය මේ බව පැවසුවේ දිවුලපිටිය ආසන සම්මෙලනය අතුරතුරයි.

ඇය එහි දී පැවසුවේ වසර තිහක යුද්ධය අවසන් කළේ මහින්ද හැර වෙන ගොනෙක් නෙවෙයි කියාය.

එය වචන පැටලීමකින් සිදු වූ වැරදීමක් බව පෙනෙන්නට ඇති නමුත් එම කොටස මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි ලෙස හාස්‍යයට ලක් වී ඇති අතර බොහෝ දෙනෙක් බෙදාගනිමින් පවතී.

Latest News

error: Content is protected !!