ඇයි කංජිපානි ඉම්රාන්ට විනාඩි දෙක තුනක වීඩියෝ ක්ලිප් එකක් දාලා මේ ඔක්කොම කළේ මං කියලා කියන්න බැරි?

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් පසු මේ වන විට පාතාල කල්ලි දෙකක් අතර ඇවිලී යන පෝස්ටර් යුද්ධය තුන්වන පාර්ශවයක සිඟිති ආතල් එකක් බව අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා පවසනවා.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු වු දා හිටපු පාතාල නායක මධූෂ්ගේ සොහොන් කොත අසළ එක එක්කෙනා එවනවා. අපි එනකල් බලාගන්න යනුවෙන් පෝස්ටරයක් අලවා තිබුණා.

ඊට ප්‍රති ප්‍රහාරයක් ලෙස කිසියම් පාර්ශවයක් දෙමටගොඩ මහරගම ඇතුළු ස්ථාන කිහිපයක පෙරේදා (14) පෝස්ටර් කිහිපයක් ඇලවීමට ද කටයුතු කර ඇති බව වාර්තා වුණා.

මේ අතර අතුරුගිරියේ වෙඩි තැබීමෙන් තුවාල ලබා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්තගේ බිරිඳ සිටින රෝහලට මල් වඩමක් යවා ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබඳ යූ ටියුබ් නාළිකාවක් සමඟ සංවාදයක යෙදෙමින් ඕෂල හේරත් මහතා පවසන්නේ මේ ආකාරයේ මිනීමැරුමක් සැලසුම් කිරීමට, මල් වඩම් එවීමට, පෝස්ටර් ඇලවීමට තරම් බලයක් තියෙන කංජිපානි ඉම්රාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සියලු දෙනා අමතා පණිවිඩයක් නොදීම පුදුම සහගත බවයි.

එබැවින් මෙම සියලු තත්ත්වයන් සලකා බැලීමේ දී මෙම භීෂණය වැපිරවීම, පාතාල කල්ලි දෙකම සම්බන්ධ නැති වෙනත් පාර්ශවයකින් සිදු කරන්නක් විය හැකි බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම ඉදිරි සති දෙක තුන ඇතුළත මෙම සිදුවීමේ සැබෑ මොළකරුවන් හා වෙඩික්කරුවන් අල්ලා ගැනීම පොලිසිය විසින් සිදු කරනු ඇති බවත් එසේ නොවුණහොත් මෙම සිදුවීම් මාලාව යට බරපතල වෙනත් තත්ත්වයක් පැවතිය හැකි යැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Latest News

More like this

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

බංගලාදේශයේ ජෙට් යානය පාසලට කඩාවැටීමෙන් මිය ගිය ගණන ඉහළට… බහුතරය පන්ති කාමරයෙන් එළියට දැමූ දරුවන්

බංග්ලාදේශ ප්‍රහාරක ජෙට් යානයක් ඩකා අගනුවර පාසලකට කඩා වැටීමෙන්...
error: Content is protected !!