බෙහෙත් විෂ වූ දරුවන් තවමත් රෝහලේ

මිහින්තලේ රෝහලින් ප්‍රතිකාර ගැනීමෙන් පසු විසි දෙනකුට (20) අධික රෝගාතුර වූ කුඩා දරුවන් තවදුරටත් ඊයේ (15දා) පෙරවරුව වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම රෝගී තත්ත්වයට ගොදුරු වුණේ ඉකුත් සෙනසුරාදා (13දා) මිහින්තලේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් උණ රෝගය ප්‍රමුඛව සාමාන්‍ය වෙනත් රෝග සඳහා ඖෂධ ලබා ගත් දරුවන් පිරිසක්.

මේ දරුවන් ඖෂධ ලබාගෙන එය භාවිත කිරීමෙන් පසු ඇතිවූ අසාත්මිකතා හේතුවෙන් මවුපියන් සහ භාරකරුවන් නැවත මිහින්තලේ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

එහෙත් රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් පෙරේදා (14දා) මේ රෝගී දරුවෝ අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවෙහි ඔවුහු ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එක් දරුවකු ඊයේ (15දා) පෙරවරුව වන විටත් ඔක්සිජන් ආධාරයෙන් සිටි අතර අනෙක් දරුවන්ද ශරීරය ගල් ගැසීම, දිව එළියට ඇදී තිබීම, ක්ලාන්තය, ආහාර අරුචිය ආදී විවිධ රෝග ලක්ෂණ සහිතව පසුවන බවයි වාර්තා වෙන්නේ.

අසාත්මිකතාවට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු දෙකත් (2) ‍ෙදාළහත් (12) අතර ප්‍රමාණය පමණ කුඩා දරුවන්ය. අසාත්මිකතාව වැඩි වශයෙන් බලපා තිබෙන්නේ වයස අවුරුදු හතට (7) අඩු දරුවන්ට වන අතර අවුරුදු හතට (7) වැඩි දරුවෝ මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටිනවා.

මේ තත්ත්වය ඇතිවීමට හේතුව බාල බෙහෙත් බවට මිහින්තලේ වෛද්‍යවරු සඳහන් කළද එසේනම් වෙනත් රෝහල්වලටද මෙය සිදුවිය යුතු බවයි මව්පියන් පවසන්නේ.

කල් ඉකුත් වූ ඖෂධ (බෙහෙත්) වැරදීමකින් හෝ ලබා දී ඇති බවට ඔවුන් සැක පළ කරනු ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් පොලිසිය කටඋත්තර ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!