තිසාවැව අසල දී ප‍්‍රංශ කතගේ ළැම අතගෑ අය සොයා විමර්ශන

අනුරාධපුර, තිසාවැව ප‍්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් අසලදී ප‍්‍රංශ ජාතික කාන්තාවකගේ පපු ප‍්‍රදේශය ස්පර්ශ කොට ලිංගික අතවර සිදු කොට පලාගිය බව කියන සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වින්දිත කාන්තාව ඇගේ මිතුරියක් සමග අනුරාධපුර පූජා නගරය නැරඹීමට ගොස් පැමිණ නැවත රන්මසු උයන නැරඹීම සඳහා පා පැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් ඉදිරියට පැමිණි පුද්ගලයකු එම විදේශීය කාන්තාවන් දෙදෙනා නතර කොට ඉංග‍්‍රීසි බසින් ඔවුන්ගෙන් විස්තර විමසා තිබෙනවා.

එම අවස්ථාවේ එසේ තොරතුරු විමසා ඇති එම පුද්ගලයා තමාට ඉදිරියෙන් පා පැදියේ සිටි ප‍්‍රංශ ජාතික කාන්තාවගේ පපු ප‍්‍රදේශය සියතින් මිරිකා පලාගොස් බවයි ඇගේ මිතුරිය පවසන්නේ.

එම අවසථාවේ දී ඇය පා පැදියෙන් වැටීම නිසා එම කාන්තාවගේ පාදයකට ද සුළු තුවාල සිදු වුණා.

තමන් මුහුණ පෑ එම සිද්ධිය සම්බන්ධව විදේශික කාන්තාවන් දෙදෙනා විසින් තිසාවැව පොලිස් ජීවිතාරක්ෂක මුරපොළේ නිලධාරීන් වෙත පවසා තිබෙනවා.

ඒ අනුව එහි සිටි පොලිස් නිලධාරීන් වින්දිත කාන්තාව පසුව අනුරාධපුර සංචාරක පොලිස් ස්ථානය වෙත යොමු කර තිබුණා.

එහිදී පාපැදියෙන් ඇද වැටීමෙන් තමාට සිදු වූ සුළු තුවාලය සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර අනවශ්‍ය බව පොලිස් නිලධාරීන්ට පවසා ඇති එම කාන්තාව පසුව අනුරාධපුර සංචාරක පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම විදේශික කාන්තාවන් දෙදෙනා අනුරාධපුර නගරයේ පිහිටි සංචාරක හෝටලයක දින කීපයක සිට නවාතැන් ගෙන සිටින අයවලූ‍න් බවයි අනුරාධපුර සංචාරක පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධ බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන පවත්වයි.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...