“දෙවියන් වහන්සේ මාව බේරුවා.. නැතිනම් මං දැන් මළවුන් අතරයි” නූලෙන් දිවි ගලවාගත් ට්‍රම්ප් කියන කතාව

‘‘දෙවියන් වහන්සේ මාව බේරාගත්තා. නැතිනම් මේ වන විට මා මියගිහින්’’ යැයි ඉකුත් සති අන්තයේ ඝාතන තැතකින් දිවි බේරාගත් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා තිබෙනවා.

මෙම සතියේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සමුළුවේදී මුළු රටම එකමුතු කරන බවද සඳහන් කර තිබෙනවා.

හිටපු ඇමරිකානු ජනාධිපතිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ ආරක්ෂක අංශවල වෙඩි පහරින් මියගිය 20 හැවිරිදි තෝමස් කෘක්ස් පාසල් සමයේ සාමාන්‍ය හැසිරීමකින් යුත් අයෙකු බවත් ඔහුව පාසලේ රයිෆල් කණ්ඩායමෙන් ප‍්‍රතික්ෂේප වූ අයෙකු බව ඔහුගේ පාසල් මිතුරෙකු මාධ්‍යයට පවසා තිබුණා.

මේ අතර ට‍්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා වෙඩිල්ල ඔහු වෙත යොමු කෙරෙන අවස්ථාවේදී කෙලින් ඉදිරිපස තිරය දෙසට හිස යොමු කර නොතිබීම නිසා බේරා ගත් බව ඔක්ලහෝමා ප‍්‍රාන්තයේ සෙනෙට් මන්ත‍්‍රීවරයෙකු වන මාක් වේන් මුල්ලින් පවසා තිබෙනවා.

‘ට‍්‍රම්ප් ශක්තිසම්පන්න පුද්ගලයෙක්. ඔහු වෙඩි පහරට ලක් වූ දිනට පසු දින ඔහු කතාබස් කර ඇත්තේ සිද්ධිය සිදු වූ දින තවත් එක් දිනක් සේ සළකාය’ මුල්ලින් වැඩි දුරටත් කියා සිටියා.

Latest News

error: Content is protected !!