ට‍්‍රම්ප් ඝාතන තැතෙන් පසු ඇමරිකානු රහස් සේවා අධ්‍යක්ෂකට ඉල්ලා අස්වන්නැයි බලපෑම්

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඝාතනය ප‍්‍රයත්නයෙන් පසු එක්සත් ජනපදයේ රහස් සේවා අධ්‍යක්ෂකවරියට ඉල්ලා අස්වෙන ලෙසට බලපෑම් එල්ල වෙමින් පවතී.

ට‍්‍රම්ප්ගේ පෙන්සිල්වේනියා රැලියේදී රහස් සේවයේ දුර්වල ආරක්ෂක පියවර ගැන බොහෝ දෙනා චෝදනා කරන අතර මේ නිසා එරට රහස් සේවා අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන කිම්බර්ලි චීට්ල්ගේ තනතුර අර්බුදයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

වර්තමාන ජනපති මෙන්ම හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන ක‍්‍රියා කරන ජනපති ආරක්ෂක ඒකකය වන්නේ එක්සත් ජනපද රහස් සේවා ඒකකයයි.

කිම්බර්ලි චීට්ල් මෙම ඒකකයේ වසර 25ක් සේවය කර කර තිබෙනවා.

ජනාධිපති ජෝ බයිඩන් 2022 දී රහස් සේවා අධ්‍යක්ෂ තනතුරට චීට්ල් පත් කළ අතර ඒජන්සිය මෙහෙයවීමට හොඳම තේරීම ඇය බව ප‍්‍රකාශ කර තිබුණා.

හිටපු එෆ්.බී.අයි. සහකාර අධ්‍යක්ෂ ක‍්‍රිස් ස්වෙකර් මෙම සිද්ධිය පිළිබඳව ෆොක්ස් රූපවාහිනිය සමග අදහස් දක්වමින් ජනපති ආරක්ෂක ඒකකය දැඩිව විවේචනය කර ඇති බව සඳහන්.

ඇමරිකානු ජනතාවට සත්‍යය දැන ගැනීමට අවශ්‍යයි. එම නිසා රහස් සේවා අධ්‍යක්ෂ කිම්බර්ලි චේට්ල් සහ අනෙකුත් සුදුසු නිලධාරීන් ඉක්මනින් පාර්ලිමේන්තු කමිටු ඉදිරියේ ප‍්‍රශ්න කෙරෙන බව ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඝාතනය ප‍්‍රයත්නයෙන් පසු එරට කථානායක මයික් ජොන්සන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

මේ අතර හිටපු ජනපතිවරයාට වෙඩි තැබීම සදහා මැතිව් තෝමස් රැගෙන ආ තුවක්කුව ඔහුගේ පියාගේ නමට ලියාපදිංචි කළ එකක් බව ද තහවුරු වී තිබෙනවා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!