අනුර ඝාතන තැතක්.. ආරක්ෂාව වහාම තර කරන්න

මීලග ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට වෙඩි තැබීමේ සිදුවීමත් සමග ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කල යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ කැඳවුම්කරු පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසා තිබෙනවා.

තම බලය වෙනුවෙන් දූෂිත දේශපාලඥයන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයකට යොමුවිය හැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එහිමියන් මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මහනුවර දී පවත්වන ලද එම පක්ෂයේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

‘අනුර දිසානායක මහතා ආරක්ෂා කළ යුතුයි. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කළ යුතු බවට බොහෝ භික්ෂූන් වහන්සේලා යෝජනා කළා. ප‍්‍රසිද්ධියේ පෙනි නොසිට ඔහු ඔහුට දේශන පැවැත්වීමට හැකි හැකියාව සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. මෙම දූෂිත දේශපාලඥයන් බලය වෙනුවෙන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයක් කිරීමට හැකි නිසා ඔහුව ආරක්ෂා කළ යුතුයි’ යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...