මං නම් ආසයි අපි දිනනකොට ලොහාන් ජීවත් වෙන එකට.. රත්වත්තෙලාගෙ බලකොටුවටම ගිහින් අනුර නෙළයි.. වීරයා කෝ කියලත් හොයයි

“නීතිය සියල්ලන්ටම සමාන විය යුතු නම් ලොහාන් රත්වත්තේලා අද නිදහසේ ඉන්නේ කොහොමද? අපි එහෙම ප්‍රශ්ණ කර නිසා තමයි අද එයා කියන්නෙ එයා ජීවතුන් අතර ඉන්නකල් අපිට දිනන්න දෙන්නෙ නෑ කියලා” ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර සෙංකඩගල පැවති ජාතික ජන බලවේගයේ “පුනරුදයේ මහ රැළිය” අමතමිනි.

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වෙන්නේ කොහොමද යන්න මේ රටේ පුරවැසියන්ට දකින්න ඉඩ සැලසිය යුතු බව ඔහු මෙහිදී පැවසුවා.

එබැවින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය දැකීමට මහින්දා නන්දලා, ලොහාන් රත්වත්තේලා ද ජීවතුන් අතර සිටිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

“ඒත් මං නම් ආස අපි දිනනකොට එයාලා ජීවතුන් අතර ඉන්නවට. තමන්ගේ අමාත්‍ය බලය උපයෝගී කරගෙන මහ රෑ සිරගෙවල්වලට පැනලා බන්ධනාගාරෙ ඉන්න සිරකරුවන් එළියට අරගෙන පිස්තෝලෙ පෙන්නලා බය කරන්න පුළුවන් ද එහෙම. කෝ නීතිය. ඒ නිසා මේ රටේ නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන නෑ. මේ රටේ නීතිය හැමදෙනාටම සමාන නම් මහින්දානන්ද මෙහෙම ඉන්න විදියක් නෑ. මේ රටේ නීතිය සැමට සමාන නම් ඩයනා ගමගේ එළියේ ඉන්න විදියක් නෑ. නීතිය ඉදිරියේ හැමෝම සමාන නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන්න විදියක් නෑ.”

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...