‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ මහා මොළකරු දකුණේ සපුමල් කුමාරයෙක් 

ක්ලබ් වසන්ත ඝාතනය කළේ මධුෂ්ගේ සල්ලි තමන්ගේ කර ගැනීමට උත්සහ කළ දකුණේ ප්‍රභූ පවුලක සපුමල් කුමාරයකු බව මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පවසනවා.

එම සැලසුම ක්‍රියාත්මක කරනු ලැබුවේ පොලිසිය සහ පාතාලය යන දෙකම යොදාගෙන බවයි ඔහු පවසන්නේ.

ඉදිරි මැතිවරණ සඳහා භාවිත කිරීමට මධූෂ් රටවටා විවිධ පුද්ගලයින් සතු ලබා දී ඇති මුදල් තමාට අවශ්‍ය බව මේ කුමාරයා පවසා ඇතැයි ඒ මහතා සඳහන් කළා.

මෙම සැලසුම මීට වසර කිහිපයකට ඉහත සෙලින්කෝ සමූහ ව්‍යාපරායේ ගෝල්ඩන් කී ආයතනයේ වත්කම් අත්පත් කර ගැනීමේ සැලසුමට සමාන බව කීර්ති රත්නායක මහතා පැවසුවා.

“ක්ලබ් වසන්ත” ඝාතනය සිදුවූ අතුරුගිරිය ටැටූ ආයතනයේ දර්ශන නිකුත් වීම, එම දර්ශන සංස්කරණය කිරීම, එහි ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශයක් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම යන සියලු කරුණු මෙම සැලසුම හා සම්බන්ධ බව ද ඔහු අනාවරණය කළා.

ඔහු මෙම තොරතුරු අනාවරණය කළේ යූ ටියුබ් නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...