මට බලය දුන්නොත් කංජිපානි ලංකාවට ගෙනත් පෙන්නන්නම්

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ලංකාවට ගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසනවා.

මෙසේ පවසන්නේ මීට සිව් මසකට පමණ ඉහතදී තමන්ට පාතාලයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව පවසමින් හදිසියේ විදේශ ගත වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විසිනි.

මේ වන විට ඔහුගේ රාජකාරී වැඩ පොලිස් දෙපාර්තමේන්තුව විසින් තහනමට ලක් කර තිබෙනවා.

පොලිස් පරීක්ෂක ජයතිලක මහතා ඉකුත් (13) වෙනිදින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ උපන්දින සාදයට ද එක් වී තිබූ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ප්‍රචාරය වී තිබුණු අතර එම ප්‍රචාරයන්ට ද ඔහු මෙලෙස පිළිතුරු ලබාදී තිබුණා.

“පාතාලය එක්ක මගේ කිසි සම්බන්ධයක් නෑ .මගේ දරුවා මාස පහක් පාසල් ගියේ නෑ. බිරිඳට ඉන්න තැනක් නෑ. ගෙවල් 12කට ගියා. ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒවා කවුරුත් කතා කරන්නේ නැහැ.

ඒ වගේම ලංකාවේ පාතාල මර්ධනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් රැකියාව කරපු සුවිශේෂී කෙනෙක් මම අදටත් ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකයෙක්. කංජිපාණී ප්‍රංශයේ ඉන්නවා නම් ලංකාවට ගේන්න මට පුළුවන්. ඒකට මට අවශ්‍ය බලය පවරන්න.

කංජිපානි ලංකාවට ගෙනාවයි කියලා පාතාලය හෝ කුඩුජාවරම නතර වෙන්නේ නෑ. නමුත් ලංකාවට අවශ්‍ය නම් මගේ කොටස කරන්න මම පැකිලෙන්නෙත් නෑ.”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!