යළිත් වරක් කැපෙන්න ගිය කුසල් මෙන්ඩිස්ව චරිත් අසලංක ගොඩ දායි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට් නියමිත විස්සයි 20 හා එක් දින තරග සංචිතයෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද නායක චරිත් අසලංකගේ ඉල්ලීමක් මත ඔහු තවදුරටත් සංචිතයේ රඳවා තබා ගැනීමට තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

තරගාවලියක් සඳහා සංචිතය නම් කිරීමේ දී කණ්ඩායමේ නායකයාට ද තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් නම් කිරීමේ හැකියාවක් පවතින අතර කුසල් මෙන්ඩිස්ට මෙම අවස්ථාවට ලබා දීමට තීරණය කර ඇත්තේ එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන බවයි වාර්තා වන්නේ.

කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි විස්ස ජ්‍යාත්‍යන්තර තරග 46 කදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරමින් අර්ධ ශතක 14 ක් සමඟ ලකුණු 1395 ක් රැස්කරනු ලැබූ ක්‍රීඩකයෙකි.

නමුත් මෙම වසරේ තරග කළ විස්සයි විස්ස ජ්‍යාත්‍යන්තර තරග 12 කදී ඔහු රැස් කරගනු ලැබුවේ අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 395 ක් පමණි.

මෙවර තරගාවලියේ චරිත් අසලංක නායකත්වය දරණ යාපනය කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන කුසල් මෙන්ඩිස් එහි දී ද දිගින් දිගටම අසාර්ථක වී සිටිනවා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...