ඕමාන මුහුදේ ගිලුණු තෙල් නැවේ කාර්ය මණ්ඩලය අතුරුදන්.. ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුත් ඒ අතර

ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් එහි කාර්ය මණ්ඩලය අතුරුදන් වී සිටි බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම නෞකාවේ කාර්යමණ්ඩලය16 දෙනෙක් සිටි බව සඳහන් වන අතර ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් බව එම වාර්තා සඳහන් කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ එරට සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය නැව පෙරළී ගිලුණු බව ඔවුන්ට පැවසූ බවයි.

එම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බවයි පැවසෙන්නේ.

මෙම යාත්‍රාව 2007 වසරේ ඉදිකරන ලද මීටර් 117ක් දිග තෙල් නිෂ්පාදන නැවක් බව නාවික දත්ත පෙන්වා දෙයි.

ඕමාන බලධාරීන් සමුද්‍රීය බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් එම ස්ථානයේ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් සිදු කළ බව ඕමාන් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...