ගුරුවරු විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ඉවත් වේ.. ස්කෝලවල ඉගැන්වීම් පමණයි.. ඉල්ලීම් නොදුන්නොත් අඛණ්ඩ වැඩ වර්ජනයක්

ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා නොදෙමින් කල් ඇරීම නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වූ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව කලාප ක්‍රීඩා තරගවලට සිසුන් තෝරා දීමට සහය නොදෙන බවත් ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනට සහය නොදෙන බවත් සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් හදා දීමේ කටයුතුවලට සහය නොදෙන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙම කාල සීමාවේ දී ගුරුවරු පාසල්වල සෞඛ්‍ය වැඩසටහන්වලට ද සහය නොදෙන බව ද ඒ මහතා පැවසුවා. පාසල් වේලාවේදී ඉගැන්වීම් කටයුතු පමණක් කරන බව යි ඔහු සඳහන් කළේ.

වැඩ වර්ජනය පැවැති මොහොතේ රාජකාරියට වාර්තා කළ අයට රුපියල් දසදහසක් ලබාදෙන බවට ආණ්ඩුව පවසන කාරණාව නීති විරෝධී බවත්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව චක්‍රලේඛයක් නිකුත් කළ වහාම අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වන බවත් හෙතෙම කියා සිටියා.

ගුරු – විදුහල්පතිවරුන්ට නැවතත් වැඩ වර්ජනයකට යෑමට සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ද වැඩිදුරත් සඳහන් කළා.

“විවිධ තර්ජන දාලා වෘත්තීය ක්‍රියාමාර්ග කඩාකප්පල් කරන්න ජනාධිපතිවරයා උත්සාහ දරනවා. එහෙම කටයුතු කරනවා නම් දැවැන්ත වැඩ වර්ජන, උද්ඝෝෂණ, විරෝධතාවලට යන්න සිදුවෙනවා. අපි පසුගියදා කරපු දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන ආණ්ඩුවට දැනෙන්නේ නැත්නම් අපේ සටන දිගටම අරගෙන යනවා. අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සේවා සංගමය ද සහය වෙනවා.”

Latest News

More like this

ඊශ්‍රායලය එල්ල කළ මාරාන්තික ප්‍රහාරයෙන් පසු සිරියාව ගැටුම් ඇති වූ කලාපයෙන් හමුදාව ඉවත් කරගනී

සිරියානු රජයේ හමුදා සමඟ මාරාන්තික ගැටුම්වලට සම්බන්ධ අරාබි සුළුතර...

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...
error: Content is protected !!