ටැටූගේ පව් බිරිඳට පළදුන් හැටි.. දැඩි සත්කාර ඒකකයේ තනිවෙලා.. නෑදෑයෙක්වත් බලන්නවත් ඇවිත් නෑ

මේ වන විට හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳගේ ඥාතීන් කිසිවකු ඇය බැලීමට පැමිණ නැති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇයට අවශ්‍ය ආහාර පාන ලබා දීමට මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමේ දී අදාළ ඥාති අවසරල ලබා ගැනීම මේ හෙයින් දුෂ්කර වී ඇතැයි සඳහන්.

මේ පිළිබඳව රෝහල විසින් අතුරුගිරිය පොලිසිය වෙත දැණුම් දීම් කර අදාළ ඥාතීන් දැනුම්වත් කර ද ඔවුන් කිසිවකු තවමත් පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!