පොලිස්පතිතුමාට පාතාලයයි වෘත්තිය සමිති පටලැවිලා.. පොලිසියටත් පොඩි වෘත්තිය සමිතියක් හදාගන්නකෝ

පොලිසියෙන් ඉටුවිය යුතු මහජන සේවාවන් පැහැර හැරෙමින් තිබෙන මොහොතක, ඒවා පිළිබඳව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ රථවාහන පාලනය විතරක් ගත්තත් අද ලංකාවෙ තියෙන්නේ නොදියුණුම රටවල් කිහිපයක තියෙන ක්‍රමවේදයක් බවයි.

“පොලිසියත් පුළුවන්නම් පොඩි වෘත්තීය සමිතියක් හදන්න.සෞඛ්‍ය සේවාවේ හොරු ඇල්ලුවා වගේ, පොලිසියේ හොරුත් අල්ලා ගන්න පුළුවන් වේවි”

“ආයතන විනාශ කරන්නේ වෘත්තීය සමිති නම්, වෘත්තීය සමිති නැති පොලිසිය මේ රටේ හොඳම ආයතනය විය යුතුයි. එහෙම පිළිගන්න එකම එක පුද්ගලයෙක් හොයලා දෙන්න කියලා අපි පොලිස්පතිතුමාට කියනවා”යැ‍යි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!