ශ්‍රී ලංකා 19 පහළ ජාතික කණ්ඩායමේ හිටපු නායකයා වෙඩි තබා ඝාතනය කරයි.. ඩුබායි සිට ලොකු පැටී දීපු තවත් ගෙමක් දැයි සැකයක්

ශ්‍රි ලංකාවේ 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ ඔහුගේ නිවස ඉදිරියේ දී ඊයේ (16) ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටි අම්බලන්ගොඩ කන්දෙ මාවතෙහි පදිංචි දෙදරු පියෙකි.

ඔහු නිවසේ සිටිය දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මිය ගිය තැනැත්තා දැනට ඩුබායි වෙත පලාගොස් සිටින දසුන් මානවඩු නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයකු බව පැවසෙනවා.

මෙම ඝාතනය පාතාල කල්ලි ලොකු පැටීගේ මෙහෙයවීමෙන් සිදු කරන ලද්දක් බවට බුද්ධි අංශ සැක පළ කරනු ලබයි.

Latest News

error: Content is protected !!