ජොනී ඩෙප්ගේ රුසියානු පෙම්වතිය ගැන හෙළිවේ.. ඩෙප්ට 61යි පෙම්වතියට 28 යි

හොලිවුඩ් නළු ජොනී ඩෙප් (Johnny Depp) රුසියානු රූපලාවන්‍ය ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන 28 හැවිරිදි යුලියා ව්ලසෝවා (Yulia Vlasova) සමඟ පෙමින් බැඳී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා පවසනවා.

පසු ගිය වසර කිහිපය තිස්සේ මේ දෙදෙනා වරින් වර දකින්න ලැබුණු අතර පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන් දෙදෙනා ලන්ඩන් හි හේලිපෝට් හි දී දකින්නට ලැබීමත් එම ඡායාරූප හා වීඩියෝ වෛරල් වීමට පටන් ගැනීමත් සමඟ ඔවුන් පිළිබඳ නැවත කතා බහක් මතු වී තිබෙනවා.

වෛරල් වන ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙන්නුම් කරන්නේ ඔවුන් දෙදෙනා සිනහ වෙමින් ගමන් කරනා ආකරයයි.

ජොනී ඩෙප් මේ වන විට 61 වැනි වියේ පසුවන අතර දෙදෙනා අතර වයස පරතරය අවුරුදු 33 ක් පමණ වන බව සඳහන්.

ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැසුණේ ප්‍රාග් නුවර පැවති Karlovy Vary ජාත්‍යන්තර සිනමා උළෙලේදීය.

ව්ලසෝවාට ප්‍රාග්හි වේශ නිරූපණ සහ කොණ්ඩා මෝස්තර ආයතනයක් හිමි අතර ඇය බොහෝ විට ඩෙප් හමුවීමට එක්සත් රාජධානියට පැමිණෙන බව වාර්තා පවසනවා.

ඩෙප් සමඟ ඇගේ සම්බන්ධතාවය පිළිබඳ කටකතා ලැව් ගින්නක් මෙන් පැතිරෙන්නට පටන් ගත් විට, රුසියානු නිරූපිකාව Instagram හි ප්‍රකාශයක් බෙදා ගත් අතර “මිත්‍රවරුනි, මගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට කිසිදු සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමෙන් වළකින ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. මාගේ පෞද්ගලිකත්වය පිළිබඳ ඔබේ අවබෝධය සහ ගෞරවය අගය කරමි” යනුවෙන් එහි සඳහන් කර තිබුණා.

ව්ලසෝවා කිසි විටෙකත් ඩෙප් සමඟ ඇති සම්බන්ධය කෙලින්ම තහවුරු නොකළ නමුත් ඇය බොහෝ විට ඇගේ සමාජ මාධ්‍ය පෝස්ට් මත ඉඟි ලබා දුන්නා.

Instagram හි ඇයගේ “ප්‍රියතම නළුවා” ගැන යමෙකු ඇගෙන් විමසූ විට ඇය පිළිතුරු දුන්නේ ජොනී ඩෙප් ලෙසයි.

2022 වසරේ දී ඔහුගේ හිටපු බිරිඳ සහ නිළි ඇම්බර් හර්ඩ්ට එරෙහිව අපහාස නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව හා ඔහුගේ නිර්දෝෂිභාවය අධිකරණය හමුවේ ඔප්පු වීමත් සමඟ ජොනී ඩෙප් පසුගිය වකවානුවේ ගත කළේ දැඩි නිහඬ ජීවිතයකි.

Latest News

More like this

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...