බැංකොක් හෝටලයක දී සයනයිඩ් මිශ්‍ර තේ පානය කළ විදේශිකයන් 6 ක් මරුට

තායිලන්තයේ බැංකොක් හෝටලයක තිබී විදේශිකයන් 6 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති අතර එම මරණ සයනයිඩ් විෂ ශරීරගත වීම හේතුවෙන් සිදුව ඇති බවට පොලිසිය සැක පළ කර තිබෙනවා.

පෙරේදා (15) මළ සිරුරු සොයාගත් Grand Hyatt Erawan හෝටලයේ කාමරයේ තිබී එම විෂ ද්‍රව්‍ය ස්වල්ප මාත්‍රාවක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළා.

මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මාරාන්තික රසායනිකය තේ වලට මිශ්‍ර කරන්නට ඇතැයි සැක පළ කෙරේ.

“අපි තේ කෝප්පවල සයනයිඩ් සොයා ගත්තා, කෝප්ප හයේම සයනයිඩ් තිබුණා” ‍යැයි පොලිසිය පවසා තිබෙනවා.

මියගිය අය වියට්නාම මූලයන් සහිත එක්සත් ජනපද පුරවැසියන් දෙදෙනෙකු සහ වියට්නාම ජාතිකයින් සිව් දෙනෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

මිය ගිය හය දෙනා අතර තිදෙනෙක් පිරිමි පුද්ගලයින් වන අතර තිදෙනෙකු ගැහැණු අය බව සඳහන්.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...