දරුවෙකුට අමානුෂික ලෙස පහර දී බිම දිගේ ඇදගෙන ගිය කාන්තාවන් සිව්දෙනා අත්අඩංගුවට

කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදී කෲර ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අරණායක පොලිසිය පවසනවා.

අදාළ සිද්ධියට අදාළ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචලිත වූ අතර ඒ සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව දරුවාට පහරදීම සම්බන්ධයෙන් දරුවාගේ මිත්තණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහුගේ මව සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අරණායක ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ත් 78 ත් අතර වයස්වල පසුවන්නන්.

සැකකරුවන් අද (17) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පියාගේ භාරයේ සිටින දරුවා මාවනැල්ල අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පෙර ලිපිය..
වයසක අම්මණ්ඩිලා ටිකක් දරුවෙකුට දස වධ දෙන වීඩියෝවක්.. පහර දිදී බිම දිගේ ඇදගෙන යයි

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!