ලක්ෂ 10 ක් දෙනවා කිව්වොත් අනේ මටත් ගන්න වෙනවා මේ වෙලාවේ.. ක්ලබ් වසන්ත ඝාතනය දසුන්ගේ ඇසින්

“ඒක පට්ට ෆිල්ම් එකක්. මේ වෙලාවෙ බලන රියල්ම ෆිල්ම් එකක්. ෆිල්ම්වගේ මූඩ් එකකින් බලනවා ඉතින්. ෆිල්ම්වල වගේ මිනී මරන්න පටන් අරන් තියෙනවා. ඛේදනීය තත්ත්වයක්.”

ක්ලබ් වසන්‍ත ඝාතනය ඇතුළු අපරාධ රැල්ල පිළිබඳ සිය අදහස් දක්වමින් රංගන ශිල්පී දසුන් පතිරණ එසේ සඳහන් කළා.

“මේ වන විට ලංකාව මහ දවල් මිනී මරන මෙක්සිකෝවක් බවට පත් වෙලා. ඔය ගාණට මිනී මරනව කියන්නෙ ප්‍රශ්ණයක්. රට Corrupted වෙන්න වෙන්න හොරකම් වැඩි වෙනවා. මැරකම් වැඩි වෙනවා. ජඩකම් වැඩි වෙනවා. Artistලාත් ඒකට මාට්ටු වෙනවා.

විදෙස් රටවල සිට මෙහෙයවන පාතාලයන්හි ඝාතන නම් ලයිස්තුවල කලාකරුවන් ද සිටින බවට පළවු වාර්තා සම්බන්ධයෙන් දසුන් පැවසුවේ මෙවන් අදහසකි.

“මට නම් සාමාන්‍යයෙන් කවුද කියලා අදාළ නෑ ආශ්‍රය කරන්න. එයා පාතාලෙ ද හාමුදුරුවෝ කෙනෙක් ද මට අදාළ නෑ. මං ආසයි මිනිස්සු ආශ්‍රය කරන්න. මොකද මං Artist කෙනෙක්. අන්ඩර් වර්ල්ඩ් කෙනත් මට කැමති වෙන්න පුළුවන්.

මං දැක්ක ඊයේ පෙරේදා Artistලාට පොඩි blame එකක් ආවා. ඒක සාමාන්‍ය දෙයක්. Artistලට ඕන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙන්න පුළුවන්.”

ඉකුත් දා ක්ල්බ් වසන්ත ඝාතනයේ සැලසුම් ක්‍රියාත්මක කළ පුද්ගලයා එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් ලබා ගැනීම හා මුදල් මත දේවල් තීන්දු තීරණය වීම පිළිබඳ දසුන් මෙසේ සඳහන් කර තිබුණා.

මිනිස්සු මේ කාලෙ ඔක්කොම කරන්නෙ මුදල්වලට. ලංකාව වගේ රටක හැමෝම යැපෙන්නෙ මුදල් වෙනුවෙන්. අපිට තියෙන්නෙ ලයිෆ් එකේම සල්ලි හම්බකරන ප්‍රශ්ණ. ලංකාවෙ උන් යැපෙන්නෙම සල්ලි මත. කවුරු හරි කතා කරලා ලක්ෂ 10 ක් දෙනවා කිව්වොත් අනේ මටත් ගන්න වෙනවා මේ වෙලාවෙ. සල්ලි නෑනෙ කාටවත්.

ඔහු මේ පිළිබඳ සඳහන් කළේ ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන “සීරුවෙන්” චිත්‍රපටය තිරගත කිරීමට සමගාමීව සිදු කළ සංවාදමය වැඩසටහනක් අතරතුරදීය.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!