ඥානසාර හිමිට ඇප ලැබේ

බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවමක් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අභියාචනාධිකරණය අද (18) ඇප ලබාදී තිබෙනවා.

කූරගලදී ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන්
බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

2024 මාර්තු 28 වැනිදා කොළඹ මහාධිකරණය ඥානසාර හිමියන්ට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර රුපියල් ලක්ෂයක දඩයක් ද නියම වී තිබුණා.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා දෙකට හිමිනම වැරදිකරු බවයි විනිසුරුවරයා තීරණය කර තිබුණේ.

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...