තිස්ස අත්තනායක ගමන් ගත් ජීප් රිය අනතුරක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසනවා.

අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලැබුවා.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.

තුවාල ලැබූවන් අතර මෝටර් රථයේ රියදුරු සහ මගියෙකු ද වන බවත් තිදෙනාම නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පොලීසිය සඳහන් කළා.

Latest News

error: Content is protected !!