තරුණියක් දිය නාන අයුරු වීඩියෝ කළ සරසවි ඇදුරා CCTVවලින් එළියට

වවුනියාව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ඉංග‍්‍රීසි පන්තියක් පවත්වා ගෙන යන නිවසකදී තරුණියක් දිය නාමින් සිටියදී ඇගේ නිරුවත් දර්ශන ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන්ට පෙරේදා(16) පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

විශ්වවිද්‍යාල බලධාරීන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් යම් සාධකයක් වේ නම් පොලිසියට පැමිණිල්ලක් කොට තරුණියට සාධාරණයක් ඉටු කිරීමට පියවර ගන්නා බවයි.

වවුනියාවේ තිරුවණාව්කුලම ප‍්‍රදේශයේ විශ්ව විද්‍යාල සිසුවියන් පිරිසක් හා රජයේ සේවිකාවන් පිරිසක් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයක අදාළ කථිකාචාර්යවරයා ඉංග‍්‍රීසි පන්තියක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය වූ දින පන්තිය පවත්වමින් සිටියදී රාජ්‍ය සේවිකාවක් වූ තරුණියක් දිය නෑම සඳහා නාන කාමරයට ගිය පසුව කථිකාචාර්යවරයා පන්තිය නවතා එම ස්ථානයට ගොස් නාන කාමරයේ කවුළුවකින් දිය නාමින් සිටි තරුණියගේ නිරුවත වීඩියෝ කර තිබෙනවා.

දිය නාමින් සිටි කාන්තාව නාන කමරයේ කවුළුවකින් ජංගම දුරකතනයක් තිබෙනු දැක බිය වී කෑ ගසා ගෙන එළියට පැමිණ ඇති අතර අනතුරුව ඉංග‍්‍රීසි කථිකාචාර්යවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව සඳහන් වෙනවා.

නිවසේ සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී අදාළ කථිකාචාර්යවරයා විසින් නාන කාමරය අසලට වී වීඩියෝ කරන දර්ශන ද සටහන් වී ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!