මොළය සම්පුර්ණයෙන්ම මිය ගිය 49 හැවිරිදි පුද්ගලයකුගේ නිරෝගි අවයව තවත් ජීවිත අටක් බේරා ගැනීම සඳහා ලබා ගැනීමේ සැත්තකම හම්බන්තොට මහා රෝහලේ දී සාර්ථකව සිදුකළ බව හම්බන්තොට මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පවසා තිබෙනවා.
ශල්‍යකර්මයකින් මෙසේ ලබා ගන්නා ලද වකුගඩු දෙක රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කිරීම සිදුකළ බව ඇය ප්‍රකාශ කළා.
ඉකුත් ජුනි මාසයේ දිනක තදබල හිසේ කැක්කමක් හේතුවෙන් මෙම රෝගියා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබුණා.
එහිදී සිදුකරන ලද ස්කෑන් පරීක්ෂණයකට අනුව මොළය තුළ රුධිර වහනය වීමක් සිදුව ඇති බව හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව රෝගියාගේ මොළයේ සැත්කමක් සඳහා කරාපිටිය මහා රෝහලට යොමු කිරීමෙන් පසු සැත්කමකට භාජනය කරනු ලැබුවා.
පසුව රෝගියා නැවැත හම්බන්තොට මහා රෝහලට එවීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිය ද එහිදී පියවි සිහිය නොලැබූරෝගියාගේ මොළයට සිදුව ඇති තදබල හානි හේතුවෙන් මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර ගෙන තිබෙනවා.
පසුව එම රෝගියාගේ බිරිඳ හා ඥතින් දැනුවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළා.
ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ සිටි එම රෝගියාගේ බිරිද සහ ඥාතීන්ගේ අවසරය මත රෝගියාගේ වකුගඩු දෙක ඇතුළු අවයව ලබා ගැනීමේ සැත්කමක් පසුගිය 08 දින සිදු කළ බවයි ඇය පවසන්නේ.
මෙම සැත්කම පිළිබඳව අදහස් දැක්වු හම්බන්තොට මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළේ මොළය මිය ගොස් සිටින පුද්ගලයකුගෙන් ඉතාම කඩිනමින් රෝගියාගේ පාර්ශවයේ සිය කැමැත්ත මත බද්ධ කළ හැකි අවයව වන හෘදය වස්තුව, අක්මාව, වකුගඩු, පෙනහඵ, බඩවැල්, අග්න්‍යාසය වැනි අවයව ලබා ගතහොත් රෝගීන් 08 දෙනෙකු ජීවත් කිරීමට හැකි බවයි.
මේ පිළිබඳව මොළය මිය ගිය රෝගියාගේ බිරිඳ වන හම්බන්තොට මානජ්ජිවාව මැඩිල්ල ප‍්‍රදේශයේ පදිංචි සන්ධ්‍යා කුමුදුනි මහත්මිය ප‍්‍රකාශ කළේ තම ස්වාමි පුරුෂයා හම්බන්තොට සිමෙන්ති කර්මානේත ශාලාවේ සේවය කළ බවයි.
එහි සේවය කරන අතර තුර එදින දහවල් තදබල හිසේ කැක්කුමක් හැදී තිබෙන බවත්, ඒ වෙලාවේම ඔහු රෝහලට ඇතුල් කිරීමට පියවර ගෙන තිබුණ බවත්ය.
රෝහලේ දී දැන ගන්නට ලැබුනේ මහත්තයාගේ මොළයේ නහරයක් පිපිරිලා ලේ වහනය වන බවයි.
මහත්තයාගේ ශරීරයේ තිබෙන අවයව ටිකෙන් ටික මිය යන බැවින් වකුගඩු දෙක ලබා ගතහොත් තවත් ජීවිත දෙකක් බේරගන්න පුඵවන් බව වෛද්‍යවරුන් පැවැසු බව ඇය සඳහන් කළා.
“මගේ මහත්තයගේ නාමයෙන් මමත් දරුවෝත් පවුලේ අනෙක් අයගේත් කැමැත්ත පළකලා ශරීරයේ කොටස් ලබා දෙන්නට, මගේ මහත්තයා වෙනුවෙන් නොදන්න තවත් රෝගීන් ජීවත් කරවන්ට පාරමිතාවක් පුරන්නට මට සිදුවුණා. තවත් කිසිම කලක මෙවන් අකල් මරණයක් මගේ මහත්තයට අත් නොවේවායි කියලා මා ප‍්‍රාර්ථනා කරනවා යැයි ඇය හැඬූ කඳුලෙන් පවසා තිබෙනවා.