රෑ අම්මගේ තුරුළේ නිදාගත් සිඟිති දියණිය උදේ ළිඳක පාවෙවී හිටියා.. ඝාතනයක් බව හෙළි වේ

බුලත්කොහුපිටිය කිරිපෝරුව ප්‍රදේශයේ වතු ගම්මානයේ දී මියගිය වයස අවුරුදු හතර හමාරක දැරිය ඇගේ මව විසින් ඝාතනය කර ළිඳට දමා ඇති බව අනාවරණය වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (17) දින එම දැරිය පදිංචිව සිටි ප්‍රදේශයේ ළිඳක වැටී මිය ගොස් සිටින බවට රුවන්වැල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.

මෙසේ මියගොස් ඇත්තේ අමායා දෙව්මි නම් දැරියකි.

මෙම දැරිය පෙර පාසල් යන බවත් පෙර පාසලේ දුන් ගෙදර වැඩ සිදුකොට සිය මව සමග රාත්‍රී 11.00 පමණ නින්ද ගොස් ඇති බව යි ඇගේ මිත්තනිය පොලිසියට පවසා ඇත්තේ.

පසු දින දැරිය සහ මව නිවසේ නොමැතිබව දැන සොයා බලද්දී මොවුන් පදිංචි වත්ත අසල මළගෙදරක ගොසින් එන පිරිසකට ඇසුණු හඩකට අනුව පරීක්ෂා කිරීමේදී පාළු ළිද අසල මව වැටී හිද ඇති අතර දරුවාගේ සිරුර ළිදේ පාවෙමින් තිබෙනු දැක තිබෙනවා.

පසුව පිරිස එක්ව හදිසි ගිලන් රථ සේවාව මගින් මව ප්‍රතිකාර සදහා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය සඳහන් කළා.

මෙම දියණියගේ මව සහ පියා කථන ආබාධායකින් පෙළෙන බව ද සඳහන්.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...