පුරප්පාඩු 40 ක් පිරවීමට පැවති Walk-in Interview එකට 1000 කට අධික පිරිසක් ඇවිත් විශාල තෙරපීමක්

ගුජරාට් ප්‍රාන්තයේ බරූච් දිස්ත්‍රික්කයේ හෝටලයක පැවැති රැකියා සම්මුඛ පරීක්ෂණයක් අතරතුර විශාල තදබදයක් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

මෙම තදබදය හේතුවෙන් තල්ලු වී ගිය අයදුම්කරුවන් ආරක්ෂක වැටක් කඩාගෙන බිමට පතිත වන ආකාරය එරට සමාජ මාධ්‍යයන්වල වෛරල් වුණු වීඩියෝපටවල සටහන් වුණා.

සම්මුඛ පරීක්ෂණය ජුලි 9 වන දින පැවැත්වුණේ ආයතනයක පුරප්පාඩු 40 ක් සඳහා සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙනි.

ඊට 1000 කට අධික පිරිසක් සහභාගී වීම නිසා මෙම තදබදය නිර්මාණය වූ බව වාර්තාවල දැක්වෙනවා.

පෞද්ගලික රසායන සමාගමක් වන Thermax Limited නම් සමාගමක් විසින් පුරප්පාඩු 40 ක් සඳහා හෝටල්ලෝඩ්ස් ප්ලාසා හි පෙරවරු 9 ත් සවස 4.30 ත් අතර පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන්නැයි අපේක්ෂකයින්ට දැනුම් දී තිබුණා.

එම දැනුම් දීමට අනුව එම ස්ථානය අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් තිබුණු අතර ආරක්ෂිත වැට කඩා වැටීමෙන් කිසිවකුටත් බරපතල තුවාල නොවූ බවයි සඳහන් වන්නේ.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...