රාජ්‍ය සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ සමලිංගික කලත්‍රයන්ටත් හිමිවෙන ඓතිහාසික නඩු තීන්දුවක්

රාජ්‍ය සෞඛ්‍ය රක්‍ෂණයේ දී සමලිංගික සහකරුවන් කලත්‍රයාගේ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන බව දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

2021 දී ඔවුන්ගේ කලත්‍ර ප්‍රතිලාභ අවලංගු කළ නියෝජිතායතනයට එරෙහිව නඩුවක් ගොනු කළ සමලිංගික යුවළකට ජාතික සෞඛ්‍ය රක්‍ෂණ සේවාව සමාන කලත්‍ර ආවරණයක් සැපයිය යුතු බවට සෝල් මහාධිකරණය විසින් පසුගිය වසර මුලදී ගත් සුවිශේෂී තීන්දුවක් මෙම තීරණය මඟින් තහවුරු කෙරුණා.

ජාතික සෞඛ්‍ය රක්‍ෂණ පනතේ මේ පිළිබඳ වගන්ති නොමැති වුවද, ස්ත්‍රී පුරුෂ භාවය හේතුවෙන් ඔවුන්ට එවැනි ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීම ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස් කොට සැලකීමක් බව මෙම ඓතිහාසික තීන්දුව දෙමින් අගවිනිසුරු ජෝ හී-ඩේ සඳහන් කළා.

එය මනුෂ්‍ය ගෞරවය සහ වටිනාකම, සතුට හඹා යාමේ අයිතිය, පුද්ගලිකත්වයේ නිදහස සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවයට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් වන අතර එය බරපතල උල්ලංඝනය කිරීමක් බව ද අගවිනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!