කුරුනෑගල හිටපු නගරධිපතිගේ සිර දඬුවම වසරකට අඩු කරයි

කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිරදඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුගේ සිර දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළා.

එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව දෙමින් විනිසුරු පී.කුමාරන්රත්නම් මහතාගේ එකඟතාවය සහිතව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.

එම සිරදඬුවම කුරුණෑගල මහාධිකරණය විසින් එම තීන්දුව ලබා දුන් 2023 වසරේ දෙසැම්බර් මස 14 වනදා සිට ක්‍රියාත්මක විය යුතු බවත් තීන්දුවේ සඳහන්.

2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් බැගින් සිරදඬුවම් සහ දඩ නියම කෙරුණා.

එම සිරදඬුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසින් මෙම අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සම්වල තීන්දුව දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!