2005 වසරේ සිට ජවිපෙ විසින් බලය හොබවන අකුරැස්ස සමුපකාරය විසින් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
අකුරැස්ස නගර මධ්‍යයේ ඉදිවන මෙම සමුපකාර රෝහල වෙනුවෙන් පසුගිය 17 වෙනිදා මුල්ගල තබනු ලැබුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසිනි.
නිවැරැදි නායකත්වය, කැපවීම හා සමූහිකත්වය සහිතව නැගිටින්නේ නම් බංකොලොත් රටක වුවද ලාභ ලබමින් ජනතාවට ඉහළ මට්ටමේ සේවා සැපයිය හැකි බවත් මේ ආදර්ශය අකුරැස්ස සමුපකාරය විසින් සමාජයට ලබා දෙමින් සිටින බවත් මෙහිදී අදහස් දක්වමින් විජිත් හේරත් ප්‍රකාශ කළා.
මේ ආකාරයටම හැකියාව, දක්ෂතාව සහ කැපවීම සහිත, රට ගොඩ නැගීමේ සැබෑ අවශ්‍යතාවයක් ඇති පුරවැසියන්ගේ එකතුවක් වූ ජාතික ජන බලවේගයට රට ගොඩනැගීමේ අභියෝගයද බාරගත හැකි බව ඔහු මෙහි දී සඳහන් කළා.
මන්ත්‍රීවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේ සමුපකාරය ලැබූ ලාභයෙන් කෝටි 17ක් වැය කොට මහල් පහකින් යුතු නවීන සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ඉදිකර ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලය ගනු ලැබ ඇති තීරණය පිළිබඳව සතුටු වන බවයි.
අකුරැස්ස විවිධ සේවා සමිතියේ ආරාධනය පරිදි මේ අවස්ථාවට දකුණු පළාත් සමුපාකාර සංවර්ධන කොමසාරිස් කේ.පී.ජි.සුමිත් ශාන්ත ප්‍රධාන සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්, කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගරුසිංහ, අකුරැස්ස දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය අධිකාරී මානක විදානපතිරණ ප්‍රධාන වෛද්‍යවරුන්, අකුරැස්ස,අතුරලිය,මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම්වරියන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, ව්‍යාපාරික ප්‍රජාව, සමුපාකාර කාර්යමණ්ඩලය, සාමාජිකයන් සුභපතන්නන් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් මීට එක්ව සිටියා.
වසර 20ක් පමණ සමිතියේ සභාපති ලෙස කටයුතු කරන ඩබ්.ටී.කේ. රාජපක්ෂ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ කැපවීම් හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ අංක එකේ සමුපකාරයක් බවට අකුරැස්ස සමුපකාරය පත්වී පත් වී තිබෙනවා.
අකුරැස්ස සමුකාරය මෙම සද්කාරය සිදු කරනු ලබන්නේ උපයන ලද රුපියල් මිලියන 2000කට අධික වත්කම්වලින් ලද ලාභයෙනි.




