ඉතාලි අගමැතිනියගේ උසට විහිළු කළ මාධ්‍යවේදිනියට ඩොලර් 5000 ක දඩයක්

ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනිට (Giorgia Meloni) සමාජ මාධ්‍ය සටහනකින් විහිළු කරනු ලැබූ මාධ්‍යවේදිනියකට ඩොලර් 5,465 ක වන්දියක් ගෙවන ලෙස මිලාන් අධිකරණයක් නියෝග කර තිබෙනවා.

මෙම දඩය නියම කර ඇත්තේ Giulia Cortese නම් මාධ්‍යවේදිනියටයි.

2021 ඔක්තෝබර් මාසයේදී Twitter හි සිදු කළ මෙම විහිළුවට තවත් යුරෝ 1,200 ක අත්හිටවූ දඩයක් ද නියම කර ඇති අතර ශරීර අවයවයන්ට අපහාස කිරීමේ “body shaming” චෝදනාව යටතේ එම දඩය නියම කළ බව සඳහන්.

එසේ සමාජ මාධ්‍ය ඔස්සේ තමාට අපහාස කිරීම සම්බන්ධයෙන් අගමැතිනිය මාධ්‍යවේදිනියට එරෙහිව නඩු මඟට යාමට කටයුතු කර තිබුණා.

ඉතාලි අගමැතිනියගේ උස ලෙස වාර්තා වන්නේ අඩි පහක් වන අතර අදාළ මාධ්‍යවේදිනිය ඇයගේ උස සමච්චලයට ලක් කරමින් මිටි තැනැත්තියක් ලෙස ප්‍රකාශ කිරීම මෙම ගැටුමට මුල් වුණා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!