පාර්ලිමේන්තුව විසුරුවයි: ගැසට් එක පෙන්වා නවක මන්‍ත්‍රීවරුන්ටත් තර්ජන‍ය කරයි

මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය ලැබීමත් සමඟ නැවතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් පිළිබඳ රාවයක් දේශපාලන ක්ෂේත්‍රය තුළ මතුව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසැට්‍ පත්‍රය ද මේ වන විට සූදානම් කර ඇති බවට වාර්තා පළ වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මාධ්‍ය හමුවකින් ද එම වාර්තා තහවුරු කරන කරුණු ගණනාවක් අනාවරණය කර තිබෙනවා.

ඔහු පැවසුවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ සහයෝගය නොලැබුණහොත් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසැට්ටුව සූදානම් කරගෙන අතේ තබාගෙන සිටින බවයි.

ඒ අනුව ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් දක්වා රටේ දේශපාලනය වෙනස් වීමේ හැකියාවක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ සිටින පාර්ශව ගණනාවක් අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යටත් කරගෙන ඔවුන්ගෙන් කෙසේ හෝ 22 වැනි සංශෝධනයට සහය ගැනීම ජනපතිවරයාගේ අවසාන තුරුම්පුව වී ඇති බව සඳහන් කළා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තර්ජනය කරමින් 22 වැනි සංශෝධනය සිදු කර ගැනීමට ජනාධිපතිවරයා උත්සහ කරමින් සිටින බවයි.

විශේෂයෙන් නවක මන්ත්‍රීවරු විශ්‍රාම වැටුප නැති මන්ත්‍රීවරු හමු වී ගැසට් එකක් පෙන්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සා තුනෙන් දෙකේ බලයකින් අනුමත නොකළහොත් එදින රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තර්ජනය කර ඇතැයි ඔහු සඳහන් කළා.

Latest News

More like this

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...
error: Content is protected !!