‘ලලයි ලිලයි ලයි’ තිර පිටපත රචනයෙන් රසික සුරවීරආරච්චි ඉවත් වේ

ලාංකික ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියතාවට පත් වූ “ලලයි ලිලයි ලයි” හි පිටපත් රචක රසික සුරවීරආරච්චි එම නාට්‍ය තිර පිටපත රචනයෙන් ඉවත් වූ බව සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබෙනවා.

ඔහු ෆේස්බුක් හි සටහනක් තබමින් ‘ලලයි ලිලයි ලයි’ වෙතින් ඉවත් වන බවත් ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඔහුගෙන් නොවිමසන ලෙස ඉල්ලා තිබෙනවා.

රසික සුරවීරආරච්චි අති දක්ෂ තිර පිටපත් රචකයකු වන අතර ‘ලලයි ලිලයි ලයි’ කෙටි කලකින් ජනතාව වැළඳගත් නාට්‍යයක් බවට පත්වීම කෙරෙහි බලපෑවේ ඔහුගේ දක්ෂ රචනයයි.

හදිසියේ ටෙලි නාට්‍යයෙන් ඉවත් වීමට හේතුව ඔහු සඳහන් කර නැති අතර ‘ලලයි ලිලයි ලයි’ අධ්‍යක්ෂ සුපුන් රත්නායක අදාළ සටහනට කමෙන්‍ට් කරමින් පළවෙනි කොටසේ සිට කොටස් 114 ක් දක්වා ලලයි ලිලයි ලයි සාර්ථක කර ගැනීම සඳහා ඔහු දැක්වු දායකත්වයට ස්තූතියි පළ කර තිබෙනවා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දැක්වු ප්‍රේක්ෂකයින් පවසා ඇත්‍තේ මුලදී ඉතා ලස්සනට ගළාගෙන ආ කතාව මේ වන විට සාමාන්‍ය මෙගා නාට්‍යයක් බවට පත්වෙමින් යන බවයි.

Latest News

More like this

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...

දලයිලාමාතුමන් ග්‍රැමී සම්මානයට නිර්දේශ වේ

අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මෑතකදී උන්වහන්සේගේ Meditations: The Reflections...