ජනප්‍රිය සංචාරක ඉන්ස්ටග්‍රෑම් තරුවක් වීඩියෝ කරමින් ඉද්දී අඩි 300 ක් උස දිය ඇල්ලක් මුදුනින් බිමට

ඉන්දියාවේ මුම්බායි හි ජනප්‍රිය සංචාරක බලපෑම් කරන්නියක් (Travel Influencer) වන ආන්වි කම්දාර් මහාරාෂ්ට්‍රයේ රයිගාඩ් අසල කුම්බේ දිය ඇල්ලේ සිට අඩි 300 උසින් බිමට වැටී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

27 හැවිරිදි ඇය මිතුරන් හත් දෙනෙකු සමඟ විනෝද චාරිකාවක යෙදී සිටියදී ඇගේ ඉන්ස්ටග්‍රෑම් සඳහා වීඩියෝ පටයක් පටිගත කරමින් සිටියදී ලිස්සා ගොස් බිමට වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ජුලි 16 වැනි දින පෙරවරු 10.30 ට පමණ මෙම සිදුවීම සිදු වී ඇති අතර එම අවස්ථාවේ දිය ඇල්ල පැවති ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැලුණු බව සඳහන්.

ගලවා ගැනීමේ කණ්ඩායම්, වෙරළාරක්ෂක බලකාය සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය විසින් පැය හයක ගලවා ගැනීමේ මෙහෙයුමකින් පසු කම්දාර් ගොඩට ගෙන ඒමට සමත් වී තිබුණා.

ඒ වන විටත් ඇය ජීවතුන් අතර සිටි බවයි බලධාරීන් සඳහන් කළේ.

“අපි එම ස්ථානයට ළඟා වූ වහාම දැරිය අඩි 300-350 ක් පමණ පහළට වැටී ඇති බව අපට වැටහුණා. ඇය වෙත ළඟා වූ වූවත් තුවාල වී සිටි නිසාත්, අධික වර්ෂාවක් ඇද හැලුණ නිසාත් ඇයව නැගිටවීම අපහසු වුණා.”

පසුව ඇය ගොඩට ගෙනවිත් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ ද ඇය අවසානාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් බව බලධාරීන් වැඩි දුරටත් පවසා තිබෙනවා.

මුම්බායි හි පදිංචි කම්දාර් වරලත් ගණකාධිකාරිවරියකි. ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වය ලබා ගත්තේ සංචාරක වීඩියෝ සෑදීමෙන්.

2,60,000කට ආසන්න අනුගාමික පිරිසක් සමඟින්, ඇය නිරතුරුවම ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඇයගේ චාරිකා සහ චාරිකාවල දර්ශනීය වීඩියෝ පළ කරන්නියක් ලෙස ජනප්‍රියත්වයට පත්වී සිටියා.

Latest News

More like this

අගෝස්තු 02වැනිදා ෂාරුක් ඛාන් කොළඹ සිහින නගරයට පැමිණීම තහවුරු කරයි

“බොලිවුඩයේ කින්ග් ඛාන්”ලෙස ජනප්‍රිය ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2...

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...
error: Content is protected !!