බංගලාදේශය ගිනි ගනී.. ජාතික රූපවාහිනියත් ගින්නෙන් අලු වෙලා යයි

ෂෙයික් හසීනා සහ රජයට එරෙහිව විරෝධතා දක්වන්නන් විසින් බංගලාදේශයේ රාජ්‍ය රූපවාහිනියට ගිනි තබා ඇති බව මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.

කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වුණේ ආරක්ෂක අංශවලට සහ එහි සේවක සේවිකාවන්ට ද පහර දෙමිනි.

ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටු වූ බවයි සඳහන් වන්නේ.

ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබුණා.

විරෝධතාකරුවන් රාජ්‍ය විකාශන BTV නාළිකාවට මෙන්ම ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය, පොලිස් ස්ථාන සහ අනෙකුත් රජයේ ගොඩනැගිලි ගණනාවකට ද ගිනි තබා විනාශ කර ඇති බවයි වාර්තා පවසන්නේ.

එරට රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේ පටිපාටියේ සිදු කර ඇති ප්‍රතිසංස්කරණ ගණනාවකට එරෙහිව මෙම විරෝධතා ආරම්භ වුණා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!