මෙය අපට ඉතා අමාරු තීරණයක්.. හර්දික් නතාශා දික්කසාදය නිවේදනය කරයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සහ නර්තන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන ඔහුගේ බිරිඳ නටාසා ස්ටැන්කොවික් ඊයේ (19) නිල වශයෙන් ඔවුන්ගේ දික්කසාදය ප්‍රකාශයට පත් කළා.

මාස කිහිපයක් පුරා ඔවුන්ගේ දික්කසාදය පිළිබඳ කටකතා පැතිර ගිය අතර මෙතෙක් දෙදෙනාගෙන් එක් අයෙකු වත් එය නිල වශයෙන් පිළිගෙන තිබුණේ නැහැ.

නතාෂා පළමු වරට දිගු සටහනක් තබමින් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ නිහඬතාවය බිඳ ඇත්තේ මින් අනතුරුවයි.

මෙම තීරණය ගැනීම ඉතා අපහසු එකක් වූ බවත් ඔවුන්ගේ එකම පුතුවන අගස්ත්‍යා ඉදිරියටත් දෙදෙනාගේම ජීවිතවල කේන්ද්‍රස්ථානය බවට පත්වෙනු ඇතැයි සඳහන් වූ එම නිවේදනය බොහෝ දෙනෙකුගේ කම්පාවට හේතු වුණා.

ඔවුන් අවසානයේ “දුෂ්කර සහ සංවේදී කාලය” තුළ සිය පෞද්ගලිකත්වය ආරක්ෂා කර දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා තිබෙනවා.

මෙම යුවළ ප්‍රථම වරට 2018 දී රාත්‍රී සමාජ ශාලාවකදී මුණගැසුණු අතර 2020 ජනවාරි 1 වන දින ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම සිදු කළා.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...