මයික්‍රොසොෆ්ට් හොක් ගා නැවතී ලෝකය මඳකට නවතී: ගුවන් ගමන්1000 ක් ඇතුළු ලොව පුරා සේවාවන් රැසක් අඩාල වේ

ලොව පුරා ක්ෂේත්‍ර කිහිපයක තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් හේතුවෙන් අද (19) සේවා රැසකට බාධා එල්ල වුණා.

ඒ Microsoft හි ක්ලවුඩ් සේවාවල මතුවුණු දෝෂ සහිත තත්ත්වයක් හේතුවෙනි.

මේ හේතුවෙන් ලොව පුරා බැංකු,ගුවන් තොටුපොළ මෙහෙයුම්,ගුවන් ගමන් ,මාධ්‍ය විකාශ කටයුතු, සුපිරි වෙළඳසැල හා රෝහල් ආදී සේවා රැසකට බලපෑම් එල්ල වූ බවයි වාර්තා වන්නේ.

යුරෝපයේ, ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ විවිධ කර්මාන්තවලට මෙමඟින් බලපෑම් එල්ල වුණා.

මෙම තත්වය මතු වුණේ ඇමරිකාවේ Crowed Strike සමාගමේ ෆැල්කන් නැමති මෘදුකාංගයේ හටගත් දෝෂ සහගත තත්ත්වයකි.

ලොව ප්‍රමුඛ මෙහෙයුම් සමාගමක් වන සමාගමේ වින්ඩෝස් ඇතුළත් පරිගණකවල සයිබර් ආරක්ෂණය සඳහා බහුවලව භාවිත කරන්නේ ෆැල්කන් නම් මෘදුකාංගයයි.

අද දින එහි සිදු කළ යාවත්කාලීන කිරීමක් ලොව පුරා පද්ධති අකර්මණ්‍ය කිරීමට හේතු වුණා.

ඉන්දියාව,ජපානය,කැනඩාව,බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ඇතුළු රටවල් රැසකට මෙහි බලපෑම එල්ල වී තිබුණා.

මේ වන විට වාර්තා වී ඇති ආකරයට ලොව පුරා ගුවන් ගමන් 1000 ක් පමණ සම්පූර්ණයෙන් ඇණ හිට තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...