ලංකාවට ඇවිත් ආයෝජනය කරන්න.. අපට ඔබෙන් වතුර වීදුරුවක්වත් එපා

ජපානයේ ව්‍යවසායකයින්ට සියයට එකක් වැනි අඩු පොලී අනුපාතිකයන්‍ට ණය ලබාගැනීමේ හැකියාව පවතින බැවින් ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියා.

ඒ සඳහා වතුර වීදුරුවක් හෝ අපේක්ෂා නොකරන බව ඔහු සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ රජයක් තුළ නව ආයෝජන සඳහා වන පසුබිම ගොඩනඟන බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතා කළ දේශනය අතරතුරදීය.

වියට්නාමයට පසුගිය වසරේ සෘජු විදෙස් ආයෝජන ඩොලර් බිලියන 34යි. ලංකාවට 1978 ඉඳන් 2024 වෙනකල් අවුරුදු 44ටම ඇවිත් තියෙන්නෙ ඩොලර් බිලියන 22යි.

කිසිම පිරිසිදු ආයෝජකයකු ලංකාවට එන්නෙ නෑ. ඇයි? අකාර්යක්ෂම පාලනයක්. විශාල වශයෙන් ආර්ථික උච්චාවචනය රාජ්‍යකට මොන ආයෝජකයා ද එන්නෙ. නීතිමය රැකවරණයක් නැති රටකට කවුද එන්නෙ? එන ආයෝජකයා එන්න ඕන සම්බන්ධිකරණ ලේකම්ට පගාව දීගෙන. කුණු ඇමතින්ට සල්ලි දීගෙන. මොන ආයෝජකයා ද එන්නෙ.

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!