රු.බිලියන 10ක් (රුපියල් කෝටි 1000ක්)වියදම් කර යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විවිචාරණයක් සම්මත කර ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණය කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජපානයේ Tsukuba හි ශ්‍රී ලාංකිකයින් සමඟ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ 22 වන සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් වන 83 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව දැනටමත් සිය නිරීක්ෂණ ලබා දී ඇති බවත්ය.
“22 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කළ යුතුයි. එයට රුපියල් බිලියන 10ක් වැය වෙනවා. ජනාධිපතිවරයා ජනතාව අතරේ ව්‍යාකූලත්වය ඇති කරන්න බිලියන 10ක් වියදම් කරන්න වුණත් ලෑස්තියි. කෙසේ වෙතත් 22වැනි සංශෝධනයේ ක්‍රියාවලියට සති කිහිපයක් ගතවෙනවා. ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිවරණයෙන් පැරදිලා ගෙදර ගිහින් ඉවරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අතර අවුල් ජාලාවක් ඇති කිරීමට උත්සාහ කළද රනිල්ට තරග කිරීමට අවස්ථාවක් ලැබේවිද යන දෙගිඩියාවක සිටින බව ඉතා පැහැදිලි බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
“රනිල් තාම ඉන්නේ තමන්ට තරග කරන්න අවස්ථාවක් ලැබෙයිද කියන දෙගිඩියාවක. මොන පක්‍ෂයෙන්ද, ලකුණින් ද තරග කරන්නේ මහින්ද ඔහුට සහාය දෙයිද? ඒ නිසාම දෙගිඩියාවක ඉන්න රනිල් උත්සහ කරනවා ඡන්දය ගැන ජනතාව අතරේ දෙගිඩියාවක් ඇති කරන්න”
තමාගේ විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 7ක් වියදම් කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු පැවසුවේ, තමාගේ විදේශ සංචාර සඳහා වූ සියලු වියදම් කඩිනමින් හෙළි කරන බවයි.
එමෙන්ම ජනාධිපතිවරයා, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කා ඔවුන්ගේ විදේශ සංචාර සඳහා වූ වියදම්ද හෙළි කළ යුතු බව ඔහු සඳහන් කළා.
“අපේ එක අපි ඉදිරිපත් කරන්නම්. ඒ කිසිවක් ආණ්ඩුවේ සල්ලි නොවන බවට සහතිකයක් දෙන්නම්”