හිරුණිකා ඇප මත නිදහස්

2015 වසරේ සිදුවූ පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර තුනක බරපතල සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද(22) ඇප නියම කළා.

මෙම තීන්දුව ලබා දුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්.

රු 50,000 ක මුදල් ඇපයක් සමඟ රු 500,000 බැගින් වන ශරීර ඇප දෙකක් සමඟ ඇය මුදා හැරීමට නියෝග කෙරුණු අතර විදෙස් ගමන් තහනමක්ද නියම කෙරුණා.

කොළඹ මහාධිකරණය ලබා දුන් වසර තුනක සිර දඬුවම අභියෝගයට ලක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනය සලකා බලමින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

2015වසරේ දී දෙමටගොඩ ප්‍රදේශයේ දී වින්දිත අමිල ප්‍රියංකර පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර කිරීම, තර්ජනය කිරීම, පහරදීම සහ බිය ගැන්වීම ඇතුළු චෝදනා 18කට ඇය වැරදිකාරිය බවට මහාධිකරණය තීන්දු කර තිබුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!