හිරුණිකා සජිත්ගෙන් පනී.. ප්‍රබල දේශපාලන තීන්දුවක් අත ළඟ

තමා නිදහස් කර ගැනීමට සමගි ජන බලවේගය පාර්ශවයෙන් ප්‍රමාණවත් මැදිහත් වීමක් නොවීම හේතුවෙන් හිරුණිකා බරපතල කණස්සල්ලක පසුවන බව ඇයට සමීප ආරංචි මාර්ග කිහිපයක් පවසනවා.

ඇයට ඇප ලබා ගැනීමට හෝ ඇයව නිදහස් කර ගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා හෝ සමගි ජන බලවේගයේ පාර්ශවයෙන් මැදිහත් වීමක් සිදුව නැති බවයි ඇගේ අදහස වන්නේ.

ඒ අනුව හිරුණිකා ඉදිරි දිනවල දී විශේෂ දේශපාලන තීන්දුවක් ගැනීමට ඉඩ ඇති අතර ඒ සඳහා වැඩි ඉඩකඩක් පවතී.

වසර තුනක බරපතල සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ(22) නියම කර තිබුණා.

කොළඹ මහාධිකරණය ලබා දුන් වසර තුනක සිර දඬුවම අභියෝගයට ලක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනය සලකා බලමින් මෙම තීන්දුව ලබා දී දුන්නා.

2015වසරේ දී දෙමටගොඩ ප්‍රදේශයේ දී වින්දිත අමිල ප්‍රියංකර පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර කිරීම, තර්ජනය කිරීම, පහරදීම සහ බිය ගැන්වීම ඇතුළු චෝදනා 18කට ඇය වැරදිකාරිය වුණා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...