ටැටූ හිමිකරුගෙන් අධිකරණය ඉදිරියේ විනාඩි 40ක රහස් ප්‍රකාශයක්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය ඇතුළු සැකකරුවන් හත් දෙනා සහ එම ඝාතනයට අනුබල දුන් බවට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකාරියක සමගින් අට දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (22) නියෝග කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත සිටි සැකකරුවන් හත් දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා සිදුකර තිබෙන සියලු ප්‍රකාශ පොලිසිය මගින් බලපෑම් සිදුකර ලබාගත් ප්‍රකාශ බවත් ස්වේච්ඡාවෙන් ලබා දුන් ප්‍රකාශ නොවන බවත් පැවසූ බැවින් තම සේවා දායකයාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා සිටියා.

එහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කළ අතර එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා තිබෙනවා.

ඒ අනුව අධිකරණයේ දිවා විවේකයෙන් පසු පළමු සැකකරු වන ටැටූ මධ්‍යස්ථානය හිමිකාර දුලාන් සංජය නැමැත්තා විනාඩි හතළිහකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...