කේ.සුජීවා රෝහලෙන් පිටව යයි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේදී වෙඩි වැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලිසියේ උසස් නිලධාරියකු පවසා තිබෙනවා.

අතුරුගිරියේදී ඉකුත් (8) වැනිදා නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි පිට වෙඩි තැබීමක් සිදු කළ අතර එම ප්‍රහාරයෙන් ගායන ශිල්පිනී කේ.සුජීවාගේ පාදයකට වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබුණා.

සැත්කම් කීපයකින් අනතුරුව ඇය ප්‍රතිකාර ලබමින් සිටියේ කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකය.

ඇයගේ පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් ඇය වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලිසියේ ඉහළ නිලධාරියා පවසා සිටියා.

ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිය තවමත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද එම නිලධාරියා පවසනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...