බන්ධනාගාර තුළ රැඳැවියන් පරීක්ෂා කරන්නේ ඇඟේ නූල්පොටක් නැති වෙන්න නිරුවත් කරලා.. ගුද මාර්ගත් චෙක් කරයි

මේ වන විට ධාරිතාව ඉක්මවා රැඳැවියන් ඇතුළත් කර තිබෙන වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ කාන්තාවන් සහ දරුවන්ගේ තත්ත්වය අතිශය ඛේදනීය වූවක් බව අද (23)පාර්ලිමේන්තුව තුළ සංවාදයට බඳුන් වුණා.

මේ පිළිබඳ සංවාදය මතු කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කළේ ‘සිරකරුවෝද මනුෂ්‍යෝය’ යන්න බන්ධනාගාරයේ තාප්පයට පමණක් සීමා වී ඇති බවයි.

මෙහි දී බරපතල හෙළිදරව්වක් කරමින් බන්ධනාගාරය තුළ සියලුම කාන්තාවන් පරීක්ෂා කරනු ලබන්නේ මුළුමනින්ම නිරුවත් කර බවත් එය කාන්තාවන්ගේ ආත්ම ගෞරවය යළි යළිත් කෙළෙසන්නක් බව සඳහන් කර සිටියා.

අදාළ අමාත්‍යාංශය භාර අමාත්‍යවරයාගෙන් ඇය ඉල්ලා සිටියේ එම කාර්යය සඳහා අවශ්‍ය දියුණු තාක්ෂණික උපකරණ ආනයනය සඳහා මෙම අයවැයෙන්ම වහාම ප්‍රතිපාදන වෙන් කරන ලෙසයි.

“ගරු අමාත්‍යතුමනි ලැජ්ජයි කියන්න.කාන්තාවන් පරීක්ෂා කරන්නේ සම්පූර්ණයෙන් ඇඟේ නූල් පටක් නැති වෙන්න ගලවලා නිරුවත් කරලා.එයාව Prison Hospital එකට ගිහිල්ලා ගෙනාවත් චෙක් කරන්නෙ නිරුවත් කරලා”

ඉඩකඩ ප්‍රමාණවත් නැති වීම,20/20 කාමරයක 180 ක් වැනි පිරිසක් ගාල් කර සිටීම,නිදාගන්නේ හිටගෙන ද ඉඳගෙන ද යන්න පවා සිතාගැනීමට අපහසු බව ඇය මෙහි දී පැවසුවා.

කෙසේවෙතත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙහි දී සඳහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කිසිදු ස්ථානයක එසේ නිරුවත් කර පරීක්ෂා කරන ක්‍රමයක් නොමැති බවයි.

එබැවින් රෝහිණී කවිරත්නගේ ප්‍රකාශය අසත්‍ය බවත් පිරිමි රැඳවියන්ගේ ගුද මාර්ග පරීක්ෂා කිරීම නම් සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සංවාදය සම්පූර්ණයෙන් මෙතැනින්:

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!