ඇමරිකානු ජනාධිපති සටනේ බයිඩන්ගේ තැන කැමලා හැරිස්ට

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ජනපති ජෝ බයිඩන් ඉවත් වීමත් සමඟ ඩිමොක්‍රටික් පක්ෂයේ බහුතර තේරීමෙන් උප ජනාධිපති කමලා හැරිස් අපේක්ෂකත්වයට නම් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා වන නිල අනුමැතිය අගෝස්තු 17 වැනි දා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ දී ලබා ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු සභා කථානායක නැන්සි පෙලෝසි වැනි සමහර කැපී පෙනෙන ඩිමොක්‍රටිකයින් හැරිස් අනුමත කර නැති බවයි වාර්තා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ කමලා හැරිස් ඉදිරිපත් වීම යනු තමාට මෙම ජනාධිපතිවරණයේ කිසිදු තරගයක් නොමැති බවයි.

Latest News

error: Content is protected !!