ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ඡන්දෙට බඩු බෙදන්න ආණ්ඩුව හදාගත් හොර පාර හෙළි වේ

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන භාණ්ඩ බෙදීම සඳහා ප්‍රප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහරින ලද ක්‍රමවේදයක් ආණ්ඩුව විසින් නිර්මාණය කරගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විගණකවරුන් සහ ගණකාධිකාරිවරුන් විසින් අනාවරණය කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය ඉටු කර ගැනීමට අවශ්‍ය නෛතික බලය ලැබී ඇත්තේ මැයි 14 දිනයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් සංශෝධනයෙනි.

ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට ඍජුවම රජයේ වාණිජ නීතිගත සංස්ථාවෙන් රුපියල් මිලියන 50 දක්වා ඍජුවම භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ විගණකවරුන්ගේ සහ ගණකාධිකාරිවරුන්ගේ මාධ්‍ය හමුවේ දී මෙම අනාවරණය කිරීම් සිදු කළ විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා මෙසේ සඳහන් කළා.

“සරල වශයෙන් කියනවා නම්, රුපියල් කෝටි 05ක භාණ්ඩ ටෙන්ඩර් කිරීමකින් තොරව එක්වර මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාව තුළ ඉක්මනින් භාණ්ඩ ලබාගෙන බෙදාදීම සඳහා මේ අවස්ථාව සලසා ගෙන ඇති බව මෙයින් පෙනී යනවා. ලිපි ද්‍රව්‍යයේ සිට වටිනා භාණ්ඩ දක්වා සැපයීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවල ලියාපදිංචිවී සිටින සැපයුම්කරුවන් පවා ඉවත දමා මේ මිලදී ගැනීම් සිදුකළ හැකියි. රජයට සැපයුම් කිරීමේදී බැඳුම්කරයක් ඉදිරිපත් කිරීමට පෞද්ගලික අංශයට සිදුවුවත් වාණිජ නීතිගත සංස්ථාවෙන් එවැනි බැඳුම්කරයක් අවශ්‍ය නොවීම නිසා බරපතළ විෂමතාවක් ඇති වෙනවා.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විවෘත වෙළඳපොළේ තෝරා ගත් ආයතනවලින් අදාළ ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවී වෙනම කළුකඩ ගණුදෙනුවක් ඇති වෙනවා. භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක්. ෆොටෝ කොපි යන්ත්‍ර, ඩිජිටල් ලුප්ලිකේටස්, සාමාන්‍ය පරිගණක සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර, මල්ටි මීඩියා ප්‍රොජෙක්ටස්, මුද්‍රණ යන්ත්‍ර, ආගමික සිද්ධස්ථානවලට බෙදීම සඳහා පෙට්‍රල් සහ ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර, ශබ්දවාහිනී යන්ත්‍ර සහ රූපවාහිනී යන්ත්‍ර ආදිය මහා පරිමාණයෙන් මිලදී ගැනීමට සූදානම් වෙනවා.

කිසිදු ප්‍රමිති පරීක්ෂාවකින් තොරව වාණිජ නීතිගත සංස්ථාව මෙම භාණ්ඩ මිලදී ගැනීමට මෙම ඇනවුම් ලබාදීම මුළුමනින්ම ප්‍රසම්පාදන කොමිෂන් සභාව නොතකා හැරීමක්.

දැනට ලැබී තිබෙන තොරතුරු අනුව වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයට පමණක් රුපියල් කෝටි 200ක භාණ්ඩ ගැනීමට සූදානම් වෙනවා. මේ මිලදී ගැනීම් ක්ෂණිකව මිලදී ගත යුතු ඒවා ලෙස දක්වා තිබෙනවා. මෙම මිලදී ගැනීම් සඳහා ක්‍රියාකරන ආකාරය පිළිබඳ තොරතුරු රැසක් අප වෙත ලැබී තිබෙනවා”

එසේම මේ මිලදී ගැනීම්වලදී පිළිගත් වාණිජ බැංකුවක් සමග එක්වී ඉදිරිපත් කළ යුතු පිළිගත් බැඳුම්කරයක් අනවශ්‍ය බවද දක්වා තිබෙන බව ඔහු පවසා සිටියා.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!