රනිල්ගේ සහයට පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයෝ 12 ක් මන්ත්‍රීවරු 75 ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග පවසන ආකාරයට ඊයේ (22) රාත්‍රී කොළඹ මලලසේකර මාවතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්ක 12ක පොහොට්ටු නායකයින් සහභාගී වී සිටියා.

එහිදී ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ බහුතර මතයට පිටින් යමින් පක්ෂය වෙනත් අපේක්ෂකයකු නම් කලහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකළ යුතු බවයි.

ඒ සදහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරු 75කට ආසන්න පිරිසකගේ සහයද ඔවුන්ට ලැබී ඇති බවද මෙහි දී සාකච්ඡා වුණා.

දිස්ත්‍රික් මට්ටමින් එම මන්ත්‍රීවරුන්ද සම්බන්ධකරගෙන අදාල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...