බ්‍රසීල මුහුදේ මෝරුන්ගෙන් ‘කොකේන්’ පොසිටිව් වේ.. ඇඟ කිළි පොළා යන හෙළිදරව්වක්

බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් මුහුදේ මෝරුන් කොකේන් සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව නවතම පර්යේෂණයක් ඔස්සේ හෙළිදරව් වී තිබෙනවා.

රියෝ ද ජැනයිරෝ අසල වෙරළෙන් ලබාගත් බ්‍රසීලියානු මෝරුන් 13 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර ඔවුන්ගේ මාංශ පේශිවල සහ අක්මාවේ කොකේන් ඉහළ මට්ටමක පවතින බව පරීක්ෂා කළ බවයි මෙම පර්යේෂණය සිදු කළ විද්‍යාඥයින් පවසනවා.

සාන්ද්‍රණය අනෙකුත් ජලජ ජීවීන් සඳහා කලින් වාර්තා වූවාට වඩා 100 ගුණයකින් වැඩි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෝරුන් තුළ කොකේන් පවතින බව මුලින්ම සොයා ගනු ලැබුවේ Oswaldo Cruz Foundation විසින් සිදු කරන ලද පර්යේෂණයකින්.

විශේෂඥයන් විශ්වාස කරන්නේ කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන නීතිවිරෝධී රසායනාගාර හරහා හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ අසූචි හරහා ජලයට ඇතුළු වන බවයි.

පර්යේෂකයන් පවසන්නේ, නැතිවූ හෝ ජාවාරම්කරුවන් විසින් මුහුදේ හෙළන ලද කොකේන් ඇසුරුම් ද මූලාශ්‍රයක් විය හැකි නමුත්, එය ඉතා අවම සම්භාවිතාවක් බවයි.

කොකේන් මෝරුන්ගේ හැසිරීම වෙනස් කරන්නේද යන්න තහවුරු කර ගැනීමට වැඩිදුර පර්යේෂණ අවශ්‍ය බව පර්යේෂකයින් පවසනවා.

කෙසේ වෙතත්, මීට පෙර කරන ලද පර්යේෂණයන් පෙන්වා දී ඇත්තේ මත්ද්‍රව්‍ය මිනිසුන්ට කරන ආකාරයටම සතුන්ටද බලපෑම් ඇති කළ හැකි බවයි.

කොකේන් භාවිතයෙන් පසු අක්මාව මගින් නිපදවන Benzoylecgonine ඇතුළු රසායනික සංයෝග පසුගිය වසරේ එංගලන්තයේ දකුණු වෙරළ තීරයෙන් රැස් කරන ලද මුහුදු ජල සාම්පලවල ද තිබී සොයා ගැනුණා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...