පොහොට්ටුව දෙදරයි.. රාජපක්ෂලාගේ බලය පොහොට්ටුවෙන් ගිලිහේවිද

ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දීම සම්බන්ධයෙන් ඇතිව ඇති අභ්‍යන්තර මතභේදයක් මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා.

මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක් පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක බවට පත් කළ යුතු යැයි තරයේ ප්‍රකාශ කිරීමත් අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් විටින් විට අදහස් මතු කිරීම හේතුවෙන් බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ එම පක්ෂ නියෝජිතයන් යෝජනාවක් සම්මත කර ගැනීමද මෙම දෙදරා යාම උත්සන්න වීමට බලපා ඇතැයි සඳහන්.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නියෝජිතයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොළඹ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම යෝජනාවක් සම්මත කර ගැනීමට ඒ අයට නිදහස ඇති බවයි.

කුමන යෝජනාවක් සම්මත කරගත්තද පක්ෂය ගන්නා තීන්දු සමග ඔවුන් හිටගන්නා බව තමාට විශ්වාස යැයිද ඔහු එහිදී සඳහන් කළා.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...