සියලුම ටෙලිකොම් සේවකයින් හෙට කොළඹට.. ඡන්දෙට කලින් ටෙලිකොම් විකුණන්න ලහි ලහියේ වැඩ.. අම්බානිගේ නියෝජිතයෝ දැනටමත් ඇතුළේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියලුම වෘත්තිය සමිති හෙට (25) දිනයේ කොළඹට රැස් වී මහා විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ටෙලිකොම් ආයතනයේ ඉහළ විධායක නිලධාරීන්ගේ සිට පහළම සේවකයින් දක්වා සියලු දෙනා ඊට සහභාගී වන බව ශ්‍රී ලංකා සියලු විදුලි සන්දේශ සේවකයින්ගේ සංගමය පවසනවා.

ටෙලිකොම් ආයතනය ජනාධිපතිවරණයට පෙර විකිණීම සඳහා මේ වන විට ලහි ලහියේ සූදානම් වන බවත් මුකේෂ් අම්බානිගේ නියෝජිතයන් ටෙලිකොම් ආයතනය තුළ සිට ඒ සඳහා සාකච්ඡා පවත්වන අතර හෙට විරෝධය ඊට එරෙහිව බවයි එම සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා සඳහන් කළේ.

මෙය ඉතා දූෂිත ගණුදෙනුවක් බවත් සුදුසුකම් සපුරා ඇති බවට තෝරා ගත් ගැණුම්කරුවන් දෙදෙනෙකු අතරින් එක් ගැණුම්කරුවෙකු මේ වන විට ඉවත් කර ඇති බව ඒ මහතා පවසනවා.

“ටෙලිකොම් ඉතා ලාභ ලැබූ ආයතනයක්. වර්ෂයකට රු මිලියන 25000 ක් පමණ බදු සහ ලාබාංශ වශයෙන් ගෙවනවා. ඒ තරම් ලාභ ලබන ආයතනයක් පාඩු ලබන ආයතන ලිස්ට් එකට දාලා විකිණීම දූෂිතයි කියල කියනව පැහැදිලිවම”

ටෙලිකොම් ආයතනයේ සේවකයින් 8000 ක් හා ටෙලිකොම් ආයතනය මඟින් යැපෙන ආයතන, කොන්ත්‍රාත් සමාගම් යටතේ ජීවත් වන පවුල් 25,000 ක් පමණ වන සියලු දෙනා ඉදිරි ජනාධිපතිවරණයේ දී ටෙලිකොම් විකිණීමට සූදානම් අයට එරෙහිව ඡන්දය භාවිත කරනු ඇති බව ද ඔහු සඳහන් කළා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...